Wednesday, January 4, 2017

ශ්‍රී ලංකාව sri lanka

Share On Facebook ! Tweet This ! Share On Google Plus ! Pin It ! Share On Tumblr ! Share On Reddit ! Share On Linkedin ! Share On StumbleUpon !
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
Democratic Socialist Republic of Sri Lanka
இலங்கை ஜனநாயக சோசலிச குடியரசு (දෙමළ)
ජාතික ගීය: ශ්‍රී ලංකා මාතා
Mother Sri Lanka
මෙනුව
0:00
අගනුවරශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
(පරිපාලන)

කොළඹ (වාණිජ)
6°56′N 79°52′E
විශාලතම නගරයකොළඹ
නිල භාෂාව(න්)
Recognizedඉංග්‍රීසි
ජාති නාමයශ්‍රී ලාංකික
රජයඒකීය අර්ධ-ජනාධිපතිමයව්‍යවස්ථාදායක සමූහාණ්ඩුව
 - ජනාධිපතිවරයාමෛත්‍රීපාල සිරිසේන
 - අග්‍රාමාත්‍යවරයාරනිල් වික්‍රමසිංහ
 - පාර්ලිමේන්තු කථානායකකරු ජයසූරිය
 - අගවිනිසුරුවරයාකේ. ශ්‍රීපවන්
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
නිදහසමහා බ්‍රිතාන්‍යයෙන් 
 - ඩොමීනියන්4 පෙබරවාරි 1948 
 - ජනරජය22 මැයි 1972 
 - වර්තමාන ව්‍යවස්ථාව7 සැප්තැම්බර් 1978 
වර්ග ප්‍රමාණය
 - සම්පූර්ණ65,610 කිමී2 (122වන ස්ථානය)
25,332 සතරැස් සැත 
 - ජලය (%)4.4
ජනගහණය
 - 2012 ජන සංගණනය20,277,597[2] (57වන ස්ථානය)
 - ඝණත්වය309/කිමී2 (40වන ස්ථානය)
800.3/සතරැස් සැත
දදේනි (ක්‍රශසා)2016 ඇස්තමේන්තුව
 - සම්පූර්ණඇ.ඩො.බි.237.791[3] 
 - ඒක පුද්ගලඇ.ඩො.11,189[3] 
දදේනි (නාමික)2016 ඇස්තමේන්තුව
 - සම්පූර්ණඇ.ඩො.බි.82.239[3] 
 - ඒක පුද්ගලඇ.ඩො.3,870[3] 
Gini (2010)36.4[4]
මධ්‍යම
මාසද (2014)0.757[5]
ඉහළ · 73වන ස්ථානය
ව්‍යවහාර මුදලශ්‍රී ලංකා රුපියල (LKR)
වේලා කලාපයSLST (UTC+5:30)
දින ආකෘති
  • dd/mm/yyyy (AD)(ඉංග්‍රීසි)
  • yyyy/mm/dd (සිංහල)
රිය පදවන්නේවම
ISO 3166 කේතයLK
අන්තර්ජාල TLD
වෙබ් අඩවිය
gov.lk
ඇමතුම් කේතය+94
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූපයක්
ශ්‍රී ලංකාව (ඉංග්‍රීසි: Sri Lanka /srˈlɑːŋkə,_ʔˈlæŋkə/ or Listeni/ʃrʔ/;[6][7]දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (පැරණි නාමය ලංකාව), යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී.
ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග්-එෙතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ.[8] දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන්[9]දෙවන ලෝක යුද්ධය දක්වාද [10] ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව (ඉංග්‍රීසී: Ceylon /sɪˈlɒnˌ sʔˌ sʔ/) ලෙස හඳුන්වනු ලැබිණි. කෙසේනමුදු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය, 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය පරාජය කිරීමත් සමග තීරණාත්මක අයුරින් නිමාවට පත්වූ තිස් අවුරුදු සිවිල් යුද්ධය හේතුවෙන් පලුදුවීමට ලක්විය.[11]
බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ.[12] දිවයිනෙහි බහුතරය වූ සිංහලජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික සහ ඉන්දියානු දෙමළමරක්කලබර්ගර්මැලේකාපිරි සහ ස්වදේශීයවැදි ජනතාව වාසය කරනු ලබයි.[13] ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කෙරුම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි.[14][15]
ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය හා ජනරජ රාජ්‍යයක් වේ. එහි පරිපාලන අගනගරයශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දිවයිනේ විශාලතම සහ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ නගරෝපාන්තයකි.
ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්පොදු රාජ්‍ය මණ්ඩලයජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකාව වර්ථමානයේ දකුණු ආසියානු කලාපය තුල ඉහලම මානව සංවර්ධන දර්ශක අනුස්ථිතියක් පෙන්නුම් කරන රටවල් ද්විත්වය (මාලදිවයින සමග) අතුරින් එකක්ද වේ.[5]

පටුන

  [සඟවන්න

වෙනත් නම්

අතීතයේ දී මෙය නිල වශයෙන් හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන්, සෙරන්දිබ් සහ තැප්‍රෝබේන් යන නම්වලින් හඳුන්වා ඇත. සිව් හෙළය,හෙළයතම්බපන්නිසීලදීපරත්නදීප, ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලිවලින් ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී. දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.

ආණ්ඩුව

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වන අතර එහි ආණ්ඩුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම් වේ. එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "ශ්‍රී ලංකා" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. 1978 දී "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" පිහිටුවන ලදී.

අගනුවර

අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ. එහි වාණිජ අග නගරය වන්නේ කොළඹ නගරයයි.

වර්ග ප්‍රමාණය

  • ප්‍රධාන (ලංකා)දූපත 65 525 sq km
  • අභ්‍යන්තර සමුද්‍ර ජල ප්‍රදේශය 1 570 sq km
  • ඓතිහාසික මුහුද 12 060 sq km
  • රාස්ඨීය මුහුද 18 060sq km
  • යාබද මුහුද 17 000 sq km
  • පරම ආර්ථික කලාපය 437 400 sq km
  • සමස්ථ වර්ගඵලය 554 200 sq km

ශ්‍රී ලංකාවේ ජාතික සංකේත

  • ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මල වේ.
නිල් මානෙල් මල (Nymphaea nouchali)
  • ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය නා ගසය.
ජාතික වෘක්ෂය
  • ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වළි කුකුළාවේ.
වළි කුකුළා
  • ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා මහ කුරුලු පැපිලියා වේ.
    SL60butterfly.jpg

ශ්‍රී ලංකාවේ අතීතය

ප්‍රාග් ඓතිහාසික යුගය

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය අධ්‍යයනය කිරීමේ පහසු ව සඳහා පහත පරිදි යුග වලට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. පුරාශිලා යුගය මධ්‍යශිලා යුගය නවශිලා යුගය(?)
සිදුකර ඇති පුරාවිද්‍යා පර්යේෂණ අනුව ලංකාවේ මානව යටගියාව පිළිබඳ සාධක අදින් වසර 125,000 දක්වා ඈතට දිවයයි. ලංකා‍වේ වයඹදිග හා ගිණිකොණදිග ප්‍රදේශයන්ගේ වෙරළාශ්‍රීත ප්‍රදේශවල ව්‍යාප්තව ඇති ඉරණමඩු පාංශු සංකීර්ණයට අයත් බූන්දල වැල්ලෙගංගොඩ හා පතිරාජවෙල යන ස්ථානයන්ගේ සිදුකරන ලද පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම කරුණු තහවුරු වී ඇත.

ඓතිහාසික යුගය

ප්‍රථම නවීන අගනනුවර ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

යටත් විජිත යුගය

වර්ෂ 1505 දී පරංගි (Portuguese) ලංකාව ආක්‍රමණය කරන ලදී‍‍. පරංගින්ගේ මුලික අවශ්‍යතාව වූයේ ඔවූන්ගේ ආගම හා වෙළඳාම පැතිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හාඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන්ගේ ද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකාරයෙන් වූ තාඩන පීඩනයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා දරුණු පාලනයක් ගෙන ගියහ. මේ අතරතුර කාලයේදී ලාංකික ජනතාව 1818 දී සහ 1848 දී කැරලි දියත් කලේය.

නවීන යුගය

ලංකා රාජධානිය

ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය

කොටි ත්‍රස්තවාදය

අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.

ශ්‍රී ලංකාවේ පුරාවස්තු

සීගිරිය 1.jpg

ස්වභාවික ව්‍යසන

ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසන අවම රටකි. නමුත් වර්ෂාව නිසා ඇතිවන ව්‍යසන නිතර දැකිය හැක. ක්‍රි.ව. 2004 වසරේ දෙසැම්බර් 26 වනදා බලපෑ සුනාමිය ව්‍යසනය ශ්‍රී ලංකාවේ වාර්තාගත දරුණුතම ස්වභාවික ව්‍යසනය වේ.

ශාක සහ සත්ත්ව සංහතිය

විවිධත්වය සහ ආවේණිකත්ය අතින් ශ්‍රී ලංකාවේ ශාක සංහතිය ඉහළ අගයක් ගනී.[16] ශ්‍රී ලංකාවේ ගණ 1,502කට අයත් සපුෂ්පක ශාක 3,210ක් ඇත්තේය. විශේෂ 916 සහ ගණ 18 ක් දිවයිනට ආවේණික වේ. මීට අමතරව දිවයිනෙහි ඇති හොර කුලයේ ශාක විශේෂ 55 න් එකක් හැර අනෙක්වා සියල්ලම ශ්‍රී ලංකාවට සීමා වේ. මෑතකදී අගය නො කරන ලද මුත් ශ්‍රී ලංකාවේ මීවන ප්‍රමාණය 350 ක් පමණ වේ. සියළු ජීවී කාණ්ඩවල විවිධත්වය, සාරවත්භාවය, සහ ආවේණිකත්ය අතින් තෙත් කලාපය වියළි කලාපයට වඩා ඉතා ඉදිරියෙන් සිටියි. තෙත් කලාපය, භූමි ප්‍රමාණයෙන් දිවයිනෙන් හතරෙන් එකක් වන නමුත් සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 88කට සහ ආවේණික සපුෂ්පක ශාක විශේෂවලින් සියයට 95 කට රැකවරණය සළසයි. ශ්‍රී ලංකාවේ ස්වභාවික වනාන්තර කොටස් අටකට කාණ්ඩ කරයි.[17]

ශ්‍රී ලංකාවේ උප බෙදීම්

පළාත්

ශ්‍රි ලංකාව පළාත් 9කට බෙදා දේශපාලන බලය විමධ්‍යගතකර ඇත.

පරිපාලන දිස්ත්‍රික්ක

ශ්‍රී ලංකාව පරිපාලනය දිස්ත්‍රික් 25ක් වශයෙනි.

ජනතාව

ජනගහණය

2012 ඇස්තමේන්තුව 20,277,597

සමාජය

බහු සංස්කෘතිකමය රටකි. ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජාතිකයෝ වේ. රාජ්‍ය ආගම බුද්ධාගමය. පෙරදිග සංස්කෘතියට අනුගත සමාජයකි.

ජාතීන්

සිංහලදෙමළමරක්කලබර්ගර්මැලේවැදි ආදී විවිධ ජාතින් ජීවත්වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.

භාෂා

සිංහල සහ දෙමළ රාජ්‍ය භාෂාවේ. ඉංග්‍රීසි පිළිගත් සමිබන්ධීකරණ භාෂාවයි. නිල තත්ත්වයක් නොමැති වුවද මලයාලම්වැදි බසමැලේ ආදී භාෂා අදාල ජාතීන් භාවිතා කරයි.

ආගම්

ප්‍රධාන ආගම බුදු දහම වේ.
වර්ෂයබෞද්ධහින්දුඉස්ලාම්කතෝලිකවෙනත්එකතුව
සංඛ්‍යව%සංඛ්‍යව%සංඛ්‍යව%සංඛ්‍යව%සංඛ්‍යව%සංඛ්‍යව%
1881 සංගණනය1,698,10061.53%593,60021.51%197,8007.17%268,0009.71%2,3000.08%2,759,800100.00%
1891 සංගණනය1,877,00062.40%615,90020.48%212,0007.05%302,10010.04%8000.03%3,007,800100.00%
1901 සංගණනය2,141,40060.06%826,80023.19%246,1006.90%349,2009.79%2,5000.07%3,566,000100.00%
1911 සංගණනය2,474,20060.25%938,30022.85%283,6006.91%409,2009.96%1,1000.03%4,106,400100.00%
1921 සංගණනය2,769,80561.57%982,07321.83%302,5006.72%443,4009.86%8000.02%4,498,600100.00%
1931 තක්සේරුව3,266,60061.55%1,166,90021.99%354,2006.67%518,1009.76%1,1000.02%5,306,900100.00%
1946 සංගණනය4,294,90064.51%1,320,40019.83%436,6006.56%603,2009.06%2,2000.03%6,657,300100.00%
1953 සංගණනය5,209,40064.33%1,610,50019.89%541,5006.69%724,4008.95%12,1000.15%8,097,900100.00%
1963 සංගණනය7,003,30066.18%1,958,40018.51%724,0006.84%884,9008.36%11,4000.11%10,582,000100.00%
1971 සංගණනය8,536,80067.27%2,238,60017.64%901,7007.11%1,004,3007.91%8,4000.07%12,689,800100.00%
1981 සංගණනය10,288,30069.30%2,297,80015.48%1,121,7007.56%1,130,6007.62%8,3000.06%14,846,700100.00%

බොජුන්

ජාතික ආහාරය බත් වේ. - (බත් සහ ව්‍යංජන දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.)

දේශපාලනය

ප්‍රධාන දේශපාලන පක්‍ෂ

තනි පක්‍ෂ

  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය
  • එක්සත් ජාතික පක්‍ෂය
  • ජනතා විමුකිති පෙරමුණ

හවුල් සංධාන

  • එක්සත් ජනතා නිදහස් සංධානය
  • එක්සත් ජාතික පෙරමුණ
  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය

අධ්‍යාපනය

ආර්ථිකය

සමාජවාදී සහ ධනවාදී ලක්‍ෂණ මිශ්‍ර ආර්ථික ක්‍රමයක් පවතී. මූලිකවම කෘෂිකාර්මික රටකි. මහ බැංකු වාර්තාව අනුව 2015 වසරේදි ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත.

කෘෂීකර්මය

දේශීය පරිභෝජනය සඳහා

  • වී ගොවිතැන
  • පොල් වගාව

අපනයන බෝග

කර්මාන්ත

සාම්ප්‍රදායික කර්මාන්ත

නව කර්මාන්ත

ස්වභාවික පරිසරය

ක්‍රීඩා

ශ්‍රි ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟය - 2001 මාර්තු - SCC ක්‍රීඩාංගනය.
නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් වුවද, ජනප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්ය. ජල ක්‍රීඩා, පාපන්දු සහ ටෙනිස් මෙන් ම රග්බි ද බොහෝ ජනප්‍රිය ක්‍රීඩාවන් වෙයි. ශ්‍රී ලංකාවේ පාසල්, උසස් අධ්‍යාපන ආයතන යනාදිය ක්‍රීඩා සහ මලල ක්‍රීඩා කණ්ඩායම් සංවිධානය කරමින්, පළාත් හා ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙති. ඉතාම දුර්වල තත්වයක සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1990 ගණන් වල සිට සැළකිය යුතු ජයග්‍රහණ අත්පත් කරගනිමින් ඉදිරියට පැමිණ 1996 ලෝක කුසලානයද 1996 සහ 2004 වර්ෂ වල ආසීයානු කුසලානය ද දිනා ගත්තේය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන රටවල් වලින් එකක් ලෙස ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව, 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසාන මහා තරඟය දක්වා පැමිණියේය. එහිදි ඔව්හු ඕස්ට්‍රේලීයාවට පරාද වූහ.
1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 පිරිමි කඩුලු මතින් දිවීමේ තරගයෙදි ඩන්කන් වයිට් මහතා විසින් රිදී පදක්කමක් ජය ගෙන මුල්ම ඔලිම්පික් පදක්කම ශ්‍රි ලංකාවට ගෙන එනු ලැබුවා. තවද 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් කාන්තා මීටර් 200 තරගයෙදි සුසන්තිකා ජයසිංහ විසින් එක් රිදී පදක්කමක් ජය ගෙන තිබේ.
සිංහල ස්පෝට්ස් ක්ලබ්ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගනය මෙන්ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වැනි ක්‍රීඩාංගන රාශියක් ශ්‍රී ලංකාවේ තිබේ. 1996 ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රි ලංකාව ඉන්දියාව සහ පාකිස්ථානය සමග තරඟ වැදුනු අතර ආසීයානු කුසලාන තරඟාවලී කීපයකටද සහභාගී වූහ. එමෙන්ම එය 2011 දී පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලියටද සහභාගී වෙයි. වෙරළ අසබඩ ද, නිසල ජල තටාකවල ද පැවැත්වෙන බෝට්ටු තරඟ, දිය මත ලිස්සා යාම, පිහිනීම, දියට පැනීමේ සහ කිමිදීමේ (Scuba diving) ක්‍රීඩා ආදී ජල ක්‍රීඩා ශ්‍රී ලාංකිකයන්ගේ මෙන් ම විදේශ සංචාරකයන්ගේ ද සිත් පැහැර ගනී.
«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Post a Comment

 
Copyright ©2016 762RMC • All Rights Reserved.
Template Design by BTDesigner • Powered by Blogger