ශ්‍රී ලංකාවේ පූර්ණ නිදහස සඳහා
ගෙන ගිය ජාතික ව්‍යාපාරයේ විවිධ අවස්‌ථා
(2016 පෙබරවාරි මස 04 වන දින නිදහස් දිනය නිමිත්තෙනි)
මීට වර්ෂ 500 කට පමණ පෙර එංගලන්තයේ, ජර්මනියේ හා ප්‍රංශයේ දිරාපත් වෙමින් ආ රදළ සමාජ ක්‍රමය බිඳ දමා ධනවාදී සමාජ ක්‍රමය බිහිවිය. ඇමරිකාව සොයා ගැනීමත්, අප්‍රිකාව වටා මුහුදු මාර්ග සොයා ගැනීමත් ඉන්දියාව හා චීන වෙළෙඳ පොළ සොයා ගැනීමත් සමග නෞකා ගමනාගමනයට සහ කර්මාන්ත වලටත්, මින් පෙර නොවූ විරු බලපෑමක් ඇති විය. ශ්‍රම ශක්‌තිය හුවමාරු භාණ්‌ඩයක් බවට පත් වූ භාණ්‌ඩ නිෂ්පාදනයේ උසස්‌ම අවධිය ධනවාදයයි. (කාල්මාක්‌ස් කොමියුනිස්‌ට් ප්‍රකාශනය)
1860-1870 වන විට නිදහස් ධනවාදී තරගයේ වර්ධනයෙහි උච්චම අවධිය විය. 1873 නිදහස් ධනවාදයේ අර්බුදයෙන් පසුව ධනවාදයේ ඒකාධිකාරී අවධිය වර්ධනය වීම ආරම්භ විය. 19 වන සියවසේ අගභාගයේ ඇති වූ ධනවාදයේ ආර්ථික අර්බුදයත් සමග 1903 වන විට ඒකාධිකාරී සමාගම් බිහි වී ධනවාදය අධිරාජ්‍යවාදය බවට පරිවර්තනය විය. ධනවාදය අධිරාජ්‍යවාදය දක්‌වා වර්ධනය වීමත් සමග අධිරාජ්‍යවාදී රටවල් අතර ලෝකය බෙදා ගැනීමේ තරගය ආරම්භ විය. මුලින්ම මෙම තරගයට පැමිණියේ එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල්ය. ක්‍රි. වර්ෂ 1500 සිට ආරම්භ කළ යටත්විජිත ප්‍රතිපත්තිය විසින් රටවල් බෙදා ගැනීම 1901 දී අවසන් කළේය. ඒ වන විට ප්‍රධාන යටත් විජිත හිමි රටවල් ලෙස එංගලන්තය, රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ඇමරිකා එක්‌සත් ජනපදය, ජපානය, බෙල්ජියම, ස්‌පාඤ්ඤය, පෘතුගාලය, ඕලන්දය යන රටවල් පත්විය. ඒ වන විට නිදහස් ධනවාදය ඒකාධිකාරී අවධියට පත් වී අවසන් වූ බව "වී. අයි. ලෙනින් ධනවාදයේ ඉහළම අවධිය අධිරාජ්‍යවාදයයි" යන කෘතියෙහි සඳහන් කළහ.
බටහිර අධිරාජ්‍යවාදී රටවල් වන පෘතුගාලය විසින් 1518 සිට 1658 දක්‌වා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ යටත් කරගෙන පාලනය කළේය. වර්ෂ 153 ක පෘතුගීසි පාලනයෙන් පසු 1658 සිට 1798 දක්‌වා අවුරුදු 138 ක් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ ඕලන්දය විසින් පාලනය කළේය. වර්ෂ 1796 දී ලන්දේසීන් විසින් පාලනය කළ මුහුදුබඩ ප්‍රදේශ බ්‍රිතාන්‍ය විසින් අල්ලා ගැනීමෙන් පසු එම ප්‍රදේශවල පාලනය බ්‍රිතාන්‍යයට අයත් පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමට භාර විය. පසුව "ක්‍රවුන් කොලනි" නමින් හැඳින්වූ බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි ප්‍රදේශ ලෙස නම් කරන ලදී.
1815 ක් වූ පෙබරවාරි 14 වන දින බ්‍රවුන් රිග් ආණ්‌ඩුකාරතැන 800 කින් පමණ යුත් හමුදාවක් සමඟ මහනුවරට සම්ප්‍රාප්ත විය. ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු මහනුවර අතහැර පලාගොස් තිබිණ. දින කීපයකට පසු බෝමුරේ නැමැති ගමේ දී රජු සහ බිසෝවරුන් දෙදෙනා අල්ලා ගන්නා ලදී. අවුරුදු 2357 ක දීර්ඝ කාලයක් පැවැති සිංහල කිරීටය සහ ලාංකීය ස්‌වාධීනත්වය අවසන් විය.
1815 මාර්තු මස 02 වන දින පටන් ලංකාව එංගලන්තයේ 3 වන ජෝර්ඡ් රජුට යටත් බව ප්‍රකාශයට පත් කළේය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත්විජිත පාලකයින්ට විරුද්ධව වරින් වර මතු වූ යටත්විජිත විරෝධී නිදහස් සටන් හා අරගල මැඬ පැවැත්වීමට යටත්විජිත පාලකයින්ට හැකි විය. බ්‍රිතාන්‍ය පාලකයින්ට විරුද්ධව 1818 දී ආරම්භ වු උඩරට කැරැල්ල තීරණාත්මක විය.
1922 දී ලංකාවේ ප්‍රථම වතාවට 37 දෙනකුගෙන් යුත් ව්‍යවස්‌ථාදායකයක් පත් කරනු ලැබූහ. 1924 දී නියෝජිතයින් 49 ක් විය. නියෝජිතයින් 23 දෙනෙක් පළාත් මට්‌ටමේ ඡන්දයෙන් තේරී පත් විය. ඡන්ද බලය හිමි වූයේ සීමිත පිරිසකටය. ආදායම වසරකට රුපියල් 600 ක හෝ රුපියල් 1600 ක වත්කමක් තිබීම, නාගරිකව රුපියල් 400 ක බදු මුදලක් ලැබීම, පළාත්බදව රුපියල් 200 ක බදු මුදලක් ලැබීම යන සුදුසුකම තිබූ අයට පමණි.
ලංකාවට සුදුසු ආණ්‌ඩු ක්‍රමයක් යෝජනා කිරීම සඳහා ඩොනමෝර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් කොමිෂන් සභාවක් 1927 දී ලංකාවට පැමිණියේය. 1931 අප්‍රේල් 15 වන දා රාජ්‍ය මන්ත්‍රණ සභාව පිළිබඳ ආඥා පනත ප්‍රසිද්ධ කළේය. 1931 අප්‍රේල් මස 17 වන දින එතෙක් පැවැති ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභාව විසුරුවා හල අතර 1933 ජුනි මස 01 වන දින සිට 26 වන දින දක්‌වා නව රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයින් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සිදු කළේය.
ඩොනමෝර් කොමිසමේ යෝජනා අනුව අවුරුදු 21 න් ඉහළ සියලුම ස්‌ත්‍රී, පුරුෂයින්ට ඡන්ද බලය ලැබීම වැදගත් වූ අතර බ්‍රිතාන්‍ය යටත් විජිත අතුරෙන් සර්ව ජන ඡන්ද බලය පළමුවෙන්ම හිමි වූයේ ලංකාවටය. 1931 සහ 1936 දී ඩොනමෝර් ව්‍යවස්‌ථාව යටතේ පවත්වන ලද්දේ මැතිවරණ දෙකක් පමණි. 1931 ඡන්දදායකයින් ලක්‍ෂ 15 ක් සිටි අතර 1936 දී ලක්‍ෂ 25 කට ආසන්න ඡන්දදායකයින් පිරිසක් සිටියහ. ප්‍රදේශවලින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් 50 ක්‌ද, ආණ්‌ඩුකාරවරයා විසින් පත් කළ සුළු ජාතික නියෝජිතයින් 08 දෙනෙක්‌ද, රාජ්‍ය නිලධාරීන් තිදෙනා වන මහ ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් යන තිදෙනා සමඟ 61 දෙනෙක් වූහ.
ඩොනමෝර් ව්‍යවස්‌ථා මගින් ලංකාවට හඳුන්වා දුන් වැදගත් ප්‍රතිසංස්‌කරණය නම් විධායක කාරකසභා ක්‍රමයයි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළමු වන රැස්‌වීමේදීම විධායක කාරක සභා 07 ක් එනම්, ස්‌වදේශ කටයුතු, කෘෂිකර්ම හා ඉඩම්, පළාත් පාලන, සෞඛ්‍ය, කම්කරු කර්මාන්ත හා වාණිජ, අධ්‍යාපන, තැපැල් හා ප්‍රසිද්ධ වැඩ කාරක සභා සභාපති පසුව ඇමතිවරුන් වශයෙන් නම් කළහ.
අධ්‍යාපන විධායක කාරක සභාවේ සමාජිකයින් වූයේ, සී. ඩබ්. ඩබ්. කන්නන්ගර, එච්. ඩබ්. අමරසුරිය, ඩබ්. ඩී. බී. කරලියද්ද, ඒ. රත්නායක, ජී. ආර්. සොයිසා සහ ජී. ඊ. මඩවල ය. ප්‍රථම සමාජවාදී මන්ත්‍රීවරයා වූයේ දොස්‌තර එස්. ඒ. වික්‍රමසිංහයන් ය. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර ප්‍රථම අධ්‍යාපන ඇමැති වූ අතර එහි සභාපතිවරයා ද විය.
1815 බ්‍රිතාන්‍යයින් ලංකාව යටත් කරගැනීමෙන් පසු ඉංග්‍රීසි භාෂාව ලංකාවේ රාජ්‍ය භාෂාව මෙන්ම පරිපාලන භාෂාව විය. ඒ සමග නව ඉංග්‍රීසි සංස්‌කෘතික ලාංකීය සමාජයේ ආධිපත්‍යයට පත් විය.
යටත් විජිත ආණ්‌ඩුවට අවශ්‍ය නිලධාරීන් ලිපිකරුවන් භාෂා පරිවර්තකයින් පුහුණු කිරීමේ අරමුණින් ඉංග්‍රීසි පාසල් කිහිපයක් ආරම්භ කෙරිණ. 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීමෙන් පසුව සිංහල භාෂාව පිළිබඳ අදහස් යෝජනා මතුවන්නට වූහ. 1931 සිට 1934 දක්‌වා පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සාමාන්‍යාධිකාරී ධුරය දැරුවේ දොස්‌තර එස්. ඒ. වික්‍රමසිංහ මහතාය. ඒ වන විට බෞද්ධ පාසල් 62 ක් තුළ ශිෂ්‍යයන් 65000 කට අධ්‍යාපනය ලබාදෙමින් පැවතිණ. ඒ වන විට ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ මාසික වැටුප රුපියල් 10 ක් වු අතර ස්‌වභාෂා ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 5 ක් විය.
රජය මගින් වැටුප් ගෙවනු ලැබුවේ ඉංග්‍රීසි ගුරුවරුන්ට පමණි. ස්‌වභාෂා ගුරුවරුන්ටත් සමාන වැටුප් රජය මගින් ගෙවිය යුතුය යන්න යෝජනා කරන ලද්දේ දොස්‌තර එස්. ඒ. වික්‍රමසිංහ මහතා විසිනි. 1934-35 අය- වැය යෝජනා මගින් එම යෝජනාව ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී.
1936 මාර්තු 19 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා 02 වන මැතිවරණය පැවැත්වුණි. මෙම මැතිවරණයේ දී සිදු වූ වැදගත් ම සිදුවීම නම් 1935 දෙසැම්බර් 18 වන දින ආරම්භ කළ ලංකාවේ ප්‍රථම දේශපාලන පක්‍ෂය වූ ලංකා සමසමාජ පක්‍ෂයෙන් මන්ත්‍රීවරුන් ලෙස ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ පිලිප් ගුණවර්ධන මහත්වරුන් තේරී පත්වීමයි. ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් සම්පූර්ණයෙන්ම පූර්ණ නිදහස ලබා ගැනීම සඳහා සටන් මෙහෙයවීම පක්‍ෂයේ පරමාර්ථය විය.
1939 දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග 02 වන මන්ත්‍රණ සභාව දස වසරක් කටයුතු කරගෙන ගියේය.
2 වන ලෝක යුද්ධය අවසන් වීමත් සමග සෝවියට් දේශයේ රතු හමුදා නැගෙනහිර යුරෝපය නිදහස් කර ගැනීම ආසියාවේ වියට්‌නාමය, ඉන්දියාව වැනි රටවල නිදහස් සටන්වලට අනුබලයක් විය. එම පසුබිම තුල ලංකාවට සුදුසු ආණ්‌ඩු ක්‍රමයක් යෝජනා කිරීමට සෝල්බරි සාමිගේ ප්‍රධානත්වයෙන් තුන් දෙනකුගෙන් යුත් කොමිසමක් 1944 දෙසැම්බර් මස ලංකාවට පැමිණියේය. 1945 ජුලි මස 11 වන දින කොමිසමේ වාර්තාව භාර දුන්හ. අභ්‍යන්තර කටයුතු වගකීම් සහිත ආණ්‌ඩු ක්‍රමයක් කොමිෂමේ යෝජනාවට ඇතුළත් විය. ඩොමීනියන් තත්ත්වය ප්‍රදානය කිරීම ප්‍රතික්‍ෂේප විය.
ඩොමීනියන් තත්ත්වය ලබා ගැනීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව සමග සාකච්ඡා කිරීමට ඩී. ඇස්. සේනානායක මහතා ඇතුළු ඇමති මණ්‌ඩලයේ තීරණය විය.
ජපන් ආක්‍රමණයට සාර්ථකව මුහුණදීම සඳහා අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර ඉන්දීය නාවික හමුදා ප්‍රධාන මූලස්‌ථානය ලංකාවේ පිහිටුවීමත්, යුද්ධෝපකරණ නිෂ්පාදනයේ දී අවශ්‍ය මිනිරන් ලංකාව විසින් සැපයීමත්, ඒ සියල්ලටම වඩා මෙරට මාක්‌ස්‌වාදී පක්‍ෂ වන ලංකා සම සමාජ පක්‍ෂය, ලංකා කොමියුනිස්‌ට් පක්‍ෂය, විසින් පූර්ණ ස්‌වරාජ්‍ය සටන් පාඨය පදනම් කරගෙන උද්ඝෝෂණ, අරගල කිරීම, තරුණ භික්‍ෂු පරපුර ඔවුන්ට සහය දීම ආදී හේතූන් මත ලංකාවට ඩොමීනියන් තත්ත්වයෙන් නිදහස දිය යුතු බව ඔවුන්ගේ තර්කය විය.
ලංකාවට ඩොමීනියන් තත්ත්වය දීමට පෙර විදේශ කටයුතු සහ ආරක්‍ෂක කටයුතු පිළිබඳ ගිවිසුම් දෙකද, රාජ්‍ය සේවා නිලධාරීන් පිළිබඳව සියලු වගකීම් ලංකා ආණ්‌ඩුවට පවරමින් ගිවිසුම්වලට අත්සන් කරන ලදී. ලංකා ස්‌වාධීන පනත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 1947 දෙසැම්බර් 10 වන දින ලංකා ස්‌වාධීන පනත රාජකීය අනුමැතිය ලද්දේය.
1947 ජුලි, අගෝස්‌තු මාසවල පැවැති මැතිවරණයෙන් නියෝජිතයන් 95 දෙනෙක් පාර්ලිමේන්තුවට තෝරා ගන්නා ලදී. එ. ජා. ප 42 ක්‌ද, ස්‌වාධීන මන්ත්‍රීවරුන් 21 ක්, ලංකා සම සමාජ පක්‍ෂයෙන් 10 ක්‌ද, බොල්ෂෙවික් ලෙනින් පක්‍ෂයෙන් 05 ක් ද, ද්‍රවිඩ සංගමයෙන් 07 ක්‌ද, ලංකා කොමියුනිස්‌ට් පක්‍ෂයෙන් 03 ක් ද, ඉන්දියානු සංගමයෙන් 06 ක්‌ද, කම්කරු පක්‍ෂයෙන් 01 ක්‌ද, වශයෙන් තේරීපත් විය. එක්‌සත් ජාතික පක්‍ෂයේ ඩී. එස්. සේනානායක මහතා අගමැති විය.
1968 ගොඩනැගුණු ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්‌ට් සමගි පෙරමුණ කරුණු 25 කින් යුත් ආණ්‌ඩු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන ලදී. එහි ප්‍රධාන කරුණ වුයේ දේශපාලන නිදහස සම්පූර්ණ කිරීම, ජනරජයේ ව්‍යවස්‌ථාදායකයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය ලබාදෙන ලෙසත්ය.
1970 මැයි මස 27 වන දින පැවැති මැතිවරණය ශ්‍රී ලංකා, සම සමාජ, කොමියුනිස්‌ට් පක්‍ෂවලින් යුත් "සමඟි පෙරමුණ" ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආසන 91 ක්‌ද, ලංකා සම සමාජ පක්‍ෂය ආසන 19 ක්‌ද, ලංකා කොමියුනිස්‌ට් පක්‍ෂය ආසන 06 ක්‌ද, වශයෙන් පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් තුනෙන් දෙකක් වූ ආසන 116 ක් ලබා ගත්හ. එම මැතිවරණයේ දී ජාතික පක්‍ෂය ආසන 16 ක්‌ද, ෙµඩරල් පක්‍ෂය 13 ක්‌ද, ද්‍රවිඩ සංගමය 03 ක්‌ද, ස්‌වාධීන 03 ක් ද වශයෙන් තේරී පත් විය. පාර්ලිමේන්තුවේ මුළු ආසන සංඛ්‍යාව 151 කි. සිරිමාවෝ බණ්‌ඩාරනායක, අගමැතිනිය ලෙස තේරී පත් වූ අතර සමගි පෙරමුණු ආණ්‌ඩුව විසින් ලංකාවට නව ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීම සඳහා 1970 ජුලි මස 19 වන දින නව රඟහල රැස්‌වීම් ශාලාවේ දී රැස් වූ පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය ලෙස ක්‍රියා කළේය.
ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා වැවිලි කර්මාන්ත හා ආණ්‌ඩුක්‍රම සම්පාදන ඇමතිවරයා විසින් සකස් කළ නව ජනරජ ව්‍යවස්‌ථාව 1972 මැයි 22 වන දින සම්මත කෙරිණ. ඒ අනුව ලංකාව, ශ්‍රී ලංකා යනුවෙන් හැඳින් වු අතර බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණ නිදහස්, ස්‌වෛරී නිදහස් ජනරජයක් බවට පත්විය.
එස්. සුදසිංහ www.divaina.com වෙතින්

SHARE
No comments:
Post a Comment