Monday, December 26, 2016

2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය

Share On Facebook ! Tweet This ! Share On Google Plus ! Pin It ! Share On Tumblr ! Share On Reddit ! Share On Linkedin ! Share On StumbleUpon !
2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය
විඩියෝ සහිතයි.

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

2004 වසරේ දෙසැම්බර් 26 වැනි දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් නිසා හටගත් සුනාමි රළ පහරක් ගැටීමෙන්, ශ්‍රී ලංකාවේ පෑරලියදී මගී දුම්රියක් විනාශයට පත්වූ අතර, එම දුම්රිය ව්‍යසනය 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය ලෙස හැඳින්වේ. මෙම ව්‍යසනය, ඉතිහාසයේ දුම්රියක් හා සම්බන්ධව සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, සිදුවීම ලෙසද හැඳින්වෙයි. කොළඹ සිට ගාල්ල දක්වා වූ නියමිත දුම්රිය ගමන් මග අතරතුර හමුවන, තෙල්වත්ත නැවතුම ආසන්නයේ පිහිටි පෑරලිය ග්‍රාමයේ ධාවනය වෙමින් පැවැති දුම්රිය වෙත සුනාමි රළ ගැටීම නිසා මෙම අනතුර සිදුවිය. අනතුර නිසා පුද්ගලයන් 1,700 කට වඩා වැඩි පිරිසක් මිය ගිය අතර එම ප්‍රමාණය, ඊට පෙර දුම්රිය ඉතිහාසයේ වාර්ථා වී තුබූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත, 1981 වසරේ සිදුවූ බිහාර් දුම්රිය අනතුරේ මරණ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකි.

දුම්රිය[සංස්කරණය කරන්න]

මෙම ව්‍යසනයට මුහුණදුන් දුම්රිය, මෙරට කොළඹ සහ ගාල්ල නගර අතර ක්‍රියාත්මකව පැවැති මගී දුම්රියක් වූ අතර (මෙම දුම්රිය, සමුද්‍රදේවී දුම්රිය බවට සමහර තැන්හී සඳහන් වෙයි), එය මෙරට නිරිත දිග වෙරළට ආසන්නයෙන් ඇදී යන, මුහුදුබඩ දුම්රිය මග ඔස්සේ ධාවනය කෙරිණි.

සිදුවීම[සංස්කරණය කරන්න]

2004 වසරේ නත්තල ආගමික සැමරුම යෙදී තිබුණු දිනට පසු එළැඹි උදුවප් පොහොය දින, එනම් දෙසැම්බර් 26 වැනිදා උදෑසන 6:55 ට පමණ, සුපුරුදු පරිදි මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය නැවතුම්පළින් ගමන් ආරම්භ කරන ලදී. ඒ අවස්ථාවේදී දුම්රිය තුල, ප්‍රවේශපත්‍ර සහිත මගීන් 1000-1500 අතර ප්‍රමාණයකුත්, ප්‍රවේශපත්‍ර රහිතව සිටි මගීන් නොදන්නා සංඛ්‍යාවකුත් සිටි බව සඳහන් වෙයි.[1]

සුනාමි රළ දුම්රියේ ගැටීම[සංස්කරණය කරන්න]

කොළඹ දුම්රිය නැවතුම්පළින් පිටත් වූ දුම්රිය, උදෑසන 9:30 පමණ වන විට තෙල්වත්ත අසල, පෑරලිය ග්‍රාමය ඔස්සේ ධාවනය වෙමින් පැවැතිණි. එම අවස්ථාව වන විට ගලා ආ පළමු සුනාමි රළ, වෙරළ තීරය යටකරමින් ගොඩ බිම දෙසට ගලා වුත් දුම්රිය හාත්පසද වට කර ගැනීම නිසා, දුම්රිය ධාවනය නතර කරන ලදී. මුහුදු රළ ගැටුනද දුම්රිය, පීලි මත නිරුපද්‍රිතව පවතීවි යැයි එහි සිටි සිය ගණනක් වූ මගීන් බලාපොරොත්තු වූවත්, ඊළඟ මොහොතේ පැමිණි විශාල සුනාමි රළ, දුම්රිය මැදිරි සහ අවට තිබූ ගස්කොලන්, නිවාස ආදියටද දැඩි හානි සිදුකරමින් රට තුලට ගලා යන ලදී. සුනාමි රළ පහර හේතුවෙන් ජලයෙන් පිරී ගොස් තිබූ දුම්රිය මැදිරි අටක සිටි පිරිස ඒ තුළම ගිලී මිය ගිය අතර, සමහරක් දෙනා ජල පහරේ ගසා ගෙන ආ සුන්බුන් වල ගැටීම නිසා මිය ගියහ. දැඩි රළ පහර නිසා ගැලවී ගිය සමහර දුම්රිය පෙට්ටි උඩුයටිකුරු වෙමින් ජල පහර සමග රට තුලට ගසා ගෙන ගිය අතර, දුම්රිය මාර්ගයටද රළ පහර නිසා දැඩි ලෙස හානි සිදුවී තිබුණි. මේ අවස්ථාවෙහි දුම්රියේ ගැටී තිබුණු සුනාමි රළ පහර, සාමාන්‍ය මුහුදු මට්ටමේ සිට මීටර 7.5 - 9 ත් පමණ උස් වූ රළ පහරක් බව පැවසෙයි.[2]

විපත්තියෙහි තරම[සංස්කරණය කරන්න]

Queen of the Sea rail disaster - Peraliya- map.jpg
සුනාමිය නිසා රටට සිදුවූ සමස්ථ හානියේ වපසරිය ඉතා විශාල වූ නිසා, ගුවනින් දැකගන්නා තුරු, එනම් පැය කිහිපයක් යන තුරුම දුම්රිය ඇත්තේ කොහේදැයි පිළිබඳව නිශ්චිත අදහසක් බලදාරීන්ට නොවූ බව පැවසෙයි. ප්‍රාදේශීයව පිහිටුවා තිබූ සියළුම හදිසි සේවාවන්ද, සුනාමිය හේතුවෙන් විනාශ වී ගොස් තුබූ නිසා, මෙම ප්‍රදේශ වෙත සහන සේවා පැමිණීමටද යම් කාලයක් ගතවූ බව සඳහන් වෙයි.
බලදාරීන් විසින් නිකුත් කල වාර්ථාවන්ට අනූව, දුම්රියේ සිටි මගීන්ගෙන් යම් සංඛ්‍යාවක් සිය දිවි ගලවා ගෙන තුබූ අතර, තවත් 1,700 ක පමණ පිරිසකට, සමහර විට 2,000, කට වඩා වැඩි පිරිසකට, මෙම අනතුර නිසා සිය ජීවිත අහිමි වී තිබුණි.

මේවාද බලන්න[සංස්කරණය කරන්න]












«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Post a Comment

 
Copyright ©2016 762RMC • All Rights Reserved.
Template Design by BTDesigner • Powered by Blogger